Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ටියුෂන් ඇවිත් ලැගුම්හල් වලට රිංගූ ලාබාල යුවළ 3ක් අත්අඩංගුවට! දෙමව්පිය ඔබත් අවධානයෙන් පසුවන්න!

4 years ago

වියුෂන් ආ දැරියන් ලැගුම්හල් වලට යන බවට ලද තොරතුරකට අනුව කළ සොදිසියකදී ගණිකා වෘත්තියේ යෙදි සිට දෙදෙනෙකු හා ලාබාල වයසේ යුවළ තුනක් කුලියාපිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

උපකාරක පන්තිවලට සහභාගී වන්නට නිවෙසවලින් පැමිණෙන ලාබාල වයසේ තරුණ තරුණියන් එම පන්ති මගහැර ලැගුම්හල් වලට ඇතුල්වන බවට ලද තොරතුරු අනුව කුලියාපිටිය මහෙස්ත්‍රාත්වරයාගෙන් ලබාගත් සොදිසි වරෙන්තුවක් අනුව කුලියාපිටිය පොලීසිය විසින් සිදු කළ හදිසි මෙහෙයුමකදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබේ.

උපකාරක පන්ති සඳහා පැමිණ ලැගුම්හල්වල සිටියදී අත්අඩංගුවට ගෙන තිබූ පාසල් යන වයසේ පසු වූ යුවළ 3 ක් ඔවුන්ගේ දෙමාපියන් කැඳවා දැඩි ලෙස අවවාද කර මුදා හැරීමට පොලිසිය පියවර ගෙන තිබිණ එමෙන්ම ලැගුම්හල් හිමියන්ටද එහිදී රතු එළිදැල්වූ පොලිසිය ඔවුන්ටද අවසන් නිවේදන නිකුත් කරන බව වැඩිදුරටත් පැවසීය.