Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මගී ප්‍රවාහන බස් රථවලට ලබාදෙන ඉන්ධන ප්‍රමාණය ඉහළට 

8 months ago

මගී ප්‍රවාහන බස් රථවලට සතියක කාලයක් සඳහා ලබාදෙන ඉන්ධන කෝටාව ලීටර් 60ත් – 360ත් අතර පරාසයක් තුළ ලබාදීමට අවශ්‍ය පහසුකම් සලසන බව ජාතික ගමනාගමන කොමිසමේ සභාපති පී.ඒ. චන්ද්‍රපාල මහතා පවසයි. ප්‍රවාහන අමාත්‍යාංශයේ අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් සභාපතිවරයා මේ බව සඳහන් කළේය.

මෙහිදී විශේෂයෙන් අවධාරණය කෙරුණේ එක් එක් බස් රථය දෛනිකව ධාවනය කරනු ලබන දුර ප්‍රමාණය සැලකිල්ලට ගනිමින් මෙම ඉන්ධන කෝටාව තීරණය වන බවයි. කෙටි දුර සහ දිගු දුර ධාවනය වන බස් රථවල අවශ්‍යතාවයන්ට ගැළපෙන පරිදි මෙම සීමාවන් පනවා තිබේ.

මෙම නව QR ක්‍රමවේදය පද්ධතියට ඇතුළත් කර සම්පූර්ණයෙන් සකස් කරන තෙක්, මගී ප්‍රවාහන බස් රථ සඳහා අවශ්‍ය ඉන්ධන ලංකා ගමනාගමන මණ්ඩලයට (ලංගම) අයත් ඩිපෝ මඟින් ලබාදීමට කටයුතු සූදානම් කර ඇති බව ද සභාපතිවරයා මෙහිදී පැහැදිලි කළේය