රටේ පවතින ඉන්ධන අර්බුදය හමුවේ බලශක්තිය සුරැකීමේ පියවරක් ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් තෝරාගත් ආයතන කිහිපයක නිලධාරීන්ට සෑම බදාදා දිනකම නිවසේ සිට රාජකාරි කිරීමට (Work from Home) අවසර ලබා දී තිබේ. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් මේ සම්බන්ධයෙන් වන නිල නිවේදනය නිකුත් කර ඇත.
මෙම සතියේ සිට නැවත දැනුම් දෙන තුරු සෑම බදාදා දිනකම පහත සඳහන් ගොඩනැගිලි හා අංශවල නිලධාරීන් නිවසේ සිට රාජකාරි ඉටු කළ යුතුය:
- කාසල් වීදියේ පිහිටි නව අමාත්‍යාංශ ගොඩනැගිල්ලේ සියලුම අංශ.
- නාරාහෙන්පිට මැලේරියා ගොඩනැගිල්ලේ සියලුම අංශ.
- ජාතික පිළිකා මර්ධන වැඩසටහන.
- සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය.
මෙම සීමා කිරීම් මධ්‍යයේ වුවද, ප්‍රවාහන අංශයේ අත්‍යවශ්‍ය රාජකාරි සහ ආහාර පාලන ඒකකයේ බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු බාධාවකින් තොරව සිදු කෙරේ. ඒ අනුව, අදාළ නිලධාරීන් කොළඹ 10, පූජ්‍ය බද්දේගම විමලවංශ හිමි මාවතේ පිහිටි “සුවසිරිපාය” අමාත්‍යාංශ පරිශ්‍රයේදී බදාදා දිනවල සුපුරුදු පරිදි සේවයට වාර්තා කළ යුතුය.
අමාත්‍යාංශයේ සෙසු අංශ සහ ඒකක ද බදාදා දිනවලදී අවම කාර්ය මණ්ඩලයක් පමණක් යොදවා ගනිමින් කටයුතු කිරීමට අවධානය යොමු කළ යුතු බව ලේකම්වරයා අවධාරණය කරයි. පවතින අසීරු තත්ත්වය හමුවේ වුවද සෞඛ්‍ය සේවාව අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා සියලුම නිලධාරීන්ගේ උපරිම දායකත්වය අපේක්ෂා කරන බව අනිල් ජාසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේය.
