Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පුද්ගලික පාසල්වලටත් නිවාඩු

8 months ago

රජයේ පාසල්වලට අමතරව දිවයිනේ සියලුම රජයේ අනුමත පුද්ගලික පාසල් සඳහා ද සෑම බදාදා දිනකම නිවාඩු ලබාදීමට තීරණය කර ඇති බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යවරයා පවසයි.

පවතින ඉන්ධන අර්බුදය හමුවේ බලශක්තිය කළමනාකරණය කිරීම සඳහා රජය ගෙන ඇති වැඩපිළිවෙළට සහාය වෙමින් මෙම පියවර ගෙන තිබේ.

මේ අතර, විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති සෑම බදාදා දිනකම උපකාරක පන්ති (Tuition Classes) පැවැත්වීම ද තහනම් බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා අවධාරණය කළේය. බලශක්ති පරිභෝජනය අවම කිරීම සහ ප්‍රවාහන දුෂ්කරතා මඟහරවා ගැනීම මෙහි ප්‍රධාන අරමුණයි.