ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (17) රාත්‍රී 7.30 ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව සභානායක, අමාත්‍ය බිමල් රත්නායක මහතා අද පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.
පවතින දේශපාලන හා ආර්ථික තත්ත්වය මෙන්ම රජයේ ඉදිරි වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මෙහිදී කරුණු පැහැදිලි කිරීමට නියමිතව ඇත.
මීට අමතරව එළඹෙන සිකුරාදා (20) දිනයේදී ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව ඇමතීමට නියමිත බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
