Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අන්තර්ජාල මූල්‍ය වංචාවක් ගැන පොලිසියෙන් දැනුම්දීමක්

8 months ago

දිවයිනේ ප්‍රමුඛ පෙළේ සහ විශ්වාසනීය ආයතනවල නාමයන් අවභාවිත කරමින්, අන්තර්ජාලය සහ නවීන තාක්ෂණික ක්‍රම මඟින් වංචාකරුවන් ක්‍රියාත්මක වන බව නිරීක්ෂණය වී ඇතැයි පොලිසිය පවසනවා.

වංචාකරුවන් මහජනතාව මුලා කිරීම සඳහා ප්‍රසිද්ධ ආයතනයක නියෝජිතයන් ලෙස පෙනී සිටිමින්, අදාළ ආයතනයේ සේවාවන් ලබා ගැනීමට විශේෂ ජංගම යෙදවුමක් (App) ස්ථාපනය කළ යුතු බවට පොළඹවන බවයි පොලිසිය සඳහන් කරන්නේ.

එම යෙදවුම (App) ස්ථාපනය කිරීමට සහාය වන බව පවසමින් ඔබගේ දුරකථන තිරය ඔවුන් සමඟ හුවමාරු කර ගන්නා ලෙසට (Screen Share) උපදෙස් ලබා දෙන බවත්, මෙහිදී සිදු වන්නේ දුරකථන තිරය හුවමාරු කර ගැනීම හරහා ඔබගේ දුරකථනයට දුරස්ථව ප්‍රවේශ වීමේ හැකියාව (Remote Access) වංචාකරුවන්ට ලැබීම බවත් පොලිසිය මෙහිදී පෙන්වා දෙනවා. 

එමඟින් ඔබගේ දුරකථනයේ ඇති බැංකු යෙදවුම් (Online Banking Apps) හරහා ගිණුම්වල ඇති මුදල් ඉතා සූක්ෂම ලෙස වෙනත් ගිණුම්වලට බැර කර ගැනීමට ඔවුන් කටයුතු කරන බවයි පොලිසිය සඳහන් කළේ.

මහජනයාට තාක්ෂණික කරුණු පිළිබඳ පවතින අනවබෝධය මෙවැනි වංචාවලට හසුවීමට ප්‍රධාන හේතුවක් වී ඇති අතර, මෙවැනි වංචාවලින් ආරක්ෂා වීම සඳහා අවධානයෙන් කටයුතු කරන ලෙසයි පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

අදාළ නිවේදනය පහතින්.