රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසන්නේ ඉන්ධන QR පද්ධතියේ ලියාපදිංචි වීමේදී අලුත් දුරකථන අංක සහ වාහන අංක සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු අද (19) දිනය තුළ විසඳන බවයි.
පද්ධතියේ තිබූ පරණ දත්ත ලක්ෂ 27ක් ඉවත් කිරීම හේතුවෙන් මෙම ප්‍රමාදය ඇතිවූ බවත් හෙට (20) වනවිට සියලු දෝෂ මගහැරී යනු ඇති බවත් ඔහු පැවසීය.
දැනට ලක්ෂ 55ක් ලියාපදිංචි වී ඇති අතර ඇතැම් ප්‍රදේශවල ඉන්ධන පරිභෝජනය දෙගුණයකින් ඉහළ ගොස් ඇති බවද අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.
“සමහර ෂෙඩ් තියෙනවා සාමාන්‍ය අලෙවිය වගේ දෙකහමාර ගුණයක් අලෙවි කරනවා. එච්චර පහසුකම් නෑ ෂෙඩ්වලට ගබඩා කරන්නත් එච්චර පහසුකම් නෑ තෙල් බවුසර්වලට ගෙනිහින් දෙන්නත් ඒ අපි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, කරුණාකරලා තමන් විසින් පීඩාවට පත්වෙන්න එපා. දැන් මේ QR කේතය ආවට පස්සේ මම හිතනවා, මේ ප්රශ්නය හෙට උදේ ඉඳලා සම්පූර්ණයෙන් විසඳෙයි කියලා.
අපි ඔත්තේ ඉරට්ටේ ක්‍රමය හඳුන්වා දුන්නෙත් මේ අනවශ්‍ය පීඩනය නිසා. එහෙම නැත්නම් QR එකට මේක මැනේජ් කරන්න පුළුවන්. ඔත්තේ ඉරට්ටේ දෙද්දි නම්බර් ප්ලේට් නිකුත් කරපු වාහන ප්‍රමාණයක් තියෙනවා ටෙන්ඩර් මඟඩි නිසා කලින් කාලවල වෙච්චි. නම්බර් ප්ලේට් නැති අයට තෙල් ගහගහන්න කිසිම ප්‍රශ්නයක් නෑ. ඔවුන් සතුව තියෙනවා වාහනයේ ආදායම් බලපත්‍රය, දුම් සහතිකය, වාහනයේ පොත සහ ඉන්ෂුවරන්ස් එක. මේ 4ම තියෙනවා වාහනේ අංකය. මේ හතරම උස්සන් යන්න ඔ්නේ නෑ. ඒ එකක් තිබුණහම තෙල් ගහගන්න පුළුවන්. හෙටින් පස්සේ මේක සාමාන්‍ය තත්ත්වයට ආවට පස්සේ, වංචනික කටයුතු කරන අය ගැන කටයුතු කරාවී අදාළ අමාත්‍යාංශය.”
