Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ජනතාවට සහනයක්! භාණ්ඩ වර්ග 100කට සතොසෙන් වට්ටම්

8 months ago

එළඹෙන උත්සව සමය වෙනුවෙන් ලංකා සතොස හරහා අත්‍යවශ්‍ය භාණ්ඩ 100ක් සඳහා විශේෂ මිල වට්ටම් ලබාදීමට පියවර ගෙන ඇති බව වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.

අද (20) පෙරවරුවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අමාත්‍යවරයා සඳහන් කළේ වෙළෙඳපොළ පාලන මිලටත් වඩා අඩුවෙන් පාරිභෝගිකයන්ට සතොසින් සහල් ඇතුළු ද්‍රව්‍ය මිලදී ගත හැකි බවයි.

සතොසින් වට්ටම් ලැබෙන ආහාර ද්‍රව්‍ය කිහිපයක කිලෝවක මිල ගණන්

සුදු නාඩු – රු. 217
සුදු කැකුළු – රු. 203
පාන් පිටි – රු.  254
හාල්මැස්සෝ – රු. 1,050
පරිප්පු – රු. 264
බී ලූනු – රු. 150 – 160 අතර

මෙහිදී අමාත්‍යවරයා පවසා සිටියේ, සෑම භාණ්ඩයකටම සීමාවක් තිබෙන බවය. ඒ අනුව මෙම සහනය පාරිභෝගිකයන්ට මිස ව්‍යාපාරිකයින්ට නොලැබෙන බවයි. 

මේ අතර සතොසින් රු. 2500කට වැඩියෙන් භාණ්ඩ මිලදීගන්නා පුද්ගලයන්ට ත්‍යාග ලබාදීමේ ක්‍රමවේදයක්ද හඳුන්වා දී ඇති බවත් ඔහු සඳහන් කළේය.

“රු. 2500කට වැඩියෙන් භාණ්ඩ මිලදීගන්න සෑම කෙනෙක්ටම කූපන් පතක් ලැබෙනවා ලොතරැයි දිනුම් ඇඳීමකට. 

එනිසා සතොසට ආවොත් කාර් එකෙන් නැත්නම් බයිසිකලෙන් යන්න පුළුවන්. රු. 2500කට වැඩියෙන් භාණ්ඩ ගන්න, වාසනාවන්ත ජයග්‍රාහකයෙක් වෙන්න” යැයි පැවසීය.