Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

බස් ගාස්තුවත් ඉහළට

8 months ago

ඊයේ (21) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වූ ඉන්ධන මිල ඉහළ දැමීමට සාපේක්ෂව නව බස් ගාස්තු සංශෝධනයක් අද (22) දිනයේම ප්‍රකාශයට පත් කිරීමට පියවර ගන්නා බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.

ඒ සඳහා වන ගාස්තු ගණනය කිරීම් මේ වන විටත් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

මීට පෙර අවස්ථා කිහිපයකදීම ඉන්ධන මිල ඉහළ ගියද බස් ගාස්තු සංශෝධනයක් සිදු නොවූ බවත්, මෙවර ඩීසල් මිල සියයට 31ක් වැනි විශාල ප්‍රතිශතයකින් ඉහළ ගොස් ඇති බවත් ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පෙන්වා දෙයි.

පවතින තත්ත්වය හමුවේ අවම වශයෙන් සියයට 15ක බස් ගාස්තු වැඩිවීමක් තමන් අපේක්ෂා කරන බව එම සංගමය වැඩිදුරටත් සඳහන් කළේය.