Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පොලීසියේ නම භාවිත කරන ව්‍යාජ පණිවිඩයක්! අවදානයෙන් සිටින පොලීසිය ජනතාවගෙන් ඉල්ලයි!

8 months ago

ශ්‍රී ලංකා පොලිසිය විසින් නිකුත් කළ බවට හැඟවෙන පරිදි සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වන විශේෂ මඟ පෙන්වීමක් ඇතුළත් සටහනක් සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසය විශේෂ කරුණු පැහැදිලි කිරීමක් සිදු කර තිබේ.

රටේ පවතින ආර්ථික අර්බුදකාරී තත්ත්වය හමුවේ මහජනතාව දැනගත යුතු කරුණු කිහිපයක් ලෙස පෙන්වමින්, ‘ප්‍රවේශම් වන්න, අප රටේ මෙම ආර්ථික අර්බුදකාරී අවස්ථාවේ අප කවුරුත් දැනගත යුතු සිත්හි තබා ගත යුතු වැදගත් කරුණු කිහිපයක්…‘ යනුවෙන් ආරම්භ වන මෙම පණිවිඩය කිසිසේත්ම ශ්‍රී ලංකා පොලිසිය විසින් නිකුත් කරන ලද්දක් නොවන බව එම නිවේදනය මඟින් අවධාරණය කරයි.

ශ්‍රී ලංකා පොලිසිය විසින් මහජනතාව දැනුවත් කිරීමක් සිදු කරන්නේ නම්, එය පොලිස් මාධ්‍ය කොට්ඨාසය මගින් සිදුකරනු ලබන අතර නියමිත ලිපි ශීර්ෂය යටතේ මාධ්‍ය වෙත නිවේදනයක් ලෙස එය නිකුත් කරන බව එහි වැඩිදුරටත් දැක්වේ.

එමෙන්ම ඔවුන්ගේ නිල Facebook ගිණුම සහ YouTube නාලිකාව ඔස්සේ දෛනිකව නිල පණිවිඩ යාවත්කාලීන කරන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

පොලිස් ලාංඡනය හෝ නාමය භාවිතා කරමින් මෙවැනි අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම කිසියම් සැලසුම් සහගත ක්‍රියාවක් දැයි සොයා බැලීම සඳහා දැනටමත් අවශ්‍ය විමර්ශන ක්‍රියාත්මක බව අදාළ නිවේදනය මගින් වැඩිදුරටත් පෙන්වා දී ඇත.

එබැවින්, සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරෙන මෙවැනි පලකිරීම් සම්බන්ධයෙන් අවබෝධයෙන් සහ ඥානාන්විතව කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා පොලිසිය මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.