Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පාසල් සිසුවියන්ට රජයෙන් තිළිණ පත්

8 months ago

පාසල් සිසුවියන්ගේ සෞඛ්‍ය අවශ්‍යතා සපුරාලමින් ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා රජය විසින් ක්‍රියාත්මක කරන සනීපාරක්ෂක තුවා ලබාදීමේ වැඩසටහන 2026 වර්ෂයේදී ද ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරිය ලෙස අග්‍රාමාත්‍යවරිය ඉදිරිපත් කළ මෙම යෝජනාවට අනුව, දිවයිනේ සියලුම රජයේ පාසල්වල 6 ශ්‍රේණියෙන් ඉහළ සහ රජයේ උපකෘත විශේෂ පාසල්වල වැඩිවියට පත් සිසුවියන් මිලියන 1.05ක් පමණ මෙම වැඩසටහන යටතේ ආවරණය වනු ඇත.

මෙම වැඩසටහන යටතේ එක් සිසුවියක් සඳහා රුපියල් 1,440ක මුදලක් වෙන් කර ඇති අතර, එය රුපියල් 720 බැගින් වූ තිළිණ පත් (Vouchers) දෙකක් ලෙස ලබා දීමට නියමිතය. මෙමඟින් සිසුවියන්ට සිය අභිමතය පරිදි පහත ආකාරයෙන් සනීපාරක්ෂක තුවා මිලදී ගැනීමට අවස්ථාව සැලසේ.

ආර්ථික අපහසුතා හේතුවෙන් සනීපාරක්ෂක පහසුකම් සපයා ගැනීමට නොහැකි වීම නිසා සිසුවියන් පාසල් පැමිණීම මඟහැරීම වැළැක්වීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණයි. 2026 වසරේ පාසල් වාරය ආරම්භයත් සමඟ මෙම තිළිණ පත් බෙදා දීමේ කටයුතු කඩිනම් කරන ලෙස අදාළ බලධාරීන්ට උපදෙස් දී ඇති බව වාර්තා වේ.