Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අද උණුසුම ගැන විමසිලිමත් වන්න! අනුගමනය කළ යුතු පියවර මෙන්න!

8 months ago

අද(26) දිනයේදී බස්නාහිර,සබරගමුව,දකුණ සහ වයඹ පළාත් වලත් අනුරාධපුර,මන්නාරම සහ වවුනියාව,මොණරාගල දිස්ත්‍රික්ක වලත් ඇතැම් ප්‍රදේශවල උණුසුම් දර්ශකය,එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

එහිදී එම තත්ත්වය යටතේ ක්‍රියාකල යුතු ආතාරය පිළිබඳව උපදෙස් මාලාවක් ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර තිබෙනවා.

එහිදී,

වැඩ බිම් තුළ : ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන්න,සෙවන ඇති ස්ථානවල හැකි පරිදි විවේක ගන්න

නිවෙස් තුළ : වැඩිහිටි සහ රෝගී පුද්ගලයන් පිළිබඳ සැලකිලිමත් වන්න.

වාහන තුළ : කුඩා ළමුන් වාහන තුළ තනිවම රඳවා නොයන්න

එළිමහනේ : අධික වෙහෙසකාරී කටයුතු සීමා කරන්න,සෙවණ ඇති ස්ථාන වල රැඳෙන්න, ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන්න

ඇඳුම් : සුදු හෝ ලා පැහැති සැහැල්ලු ඇඳුම් භාවිතා කරන්න