පාසල් ගුරුවරුන්ගේ ඇඳුම පිළිබඳව දිවයින පුරා සේවය කරන සියලුම පාසැල් ගුරුවරුන්ගේ මතය විමසීමට ලංකා ගුරු සංගමය තීරණය කර ඇත.
ගුරුවරුන් සුදුසු ඇඳුමක් ඇඳ සේවයට වාර්තා කිරීමට අකමැති බව පවසා ඇතැයි අධ්‍යාපන අමාත්‍යවරයා සිදුකරන ලද ප්‍රකාශය හේතුවෙන් මෙම තීරණය ගෙන තිබෙනවා.
මෙම මත විමසුම අන්තර්ජාලය ඔස්සේ සිදුකරන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කළේය.
‘ලංකා ගුරු සංගමය රට පුරා සමීක්ෂණයක් අපි ආරම්භ කරලා තියෙනවා ඔන්ලයින් සමීක්ෂණයක්. අපි බලාපොරොත්තු වෙනවා ගුරුවරියන් මතය මොකද්ද කියන කාරණය. මත විමසුමක් කරන්න පෙළඹුණේ අමාත්‍යතුමා කිව්වා ගුරුවරියන් 90%ක් අකමැතියි කියලා. අපිට අවශ්‍ය වුණා ඇමතිට පෙන්වන්න මේකට කොච්චර අය අකමැති ද කියන කාරණය’
