Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නව චක්‍රලේඛකයක්

8 months ago

පාසල් පද්ධතිය තුළ සිසුන්ගේ විනය ආරක්ෂා කිරීමේදී කිසිදු ආකාරයක ශාරීරික හෝ මානසික දඬුවමක් පැමිණවිය නොහැකි බව අවධාරණය කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

මෙම චක්‍රලේඛය සියලුම පළාත් අධ්‍යාපන ලේකම්වරුන්, අධ්‍යක්ෂවරුන්, පරිවේනාධිපතිවරුන් සහ විදුහල්පතිවරුන් වෙත යොමු කර ඇත. 2016 අප්‍රේල් 29 දිනැති පැරණි චක්‍රලේඛයේ උපදෙස්වලට අමතරව, මෙම නව විධිවිධාන ද මින් ඉදිරියට අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළ යුතු බව අමාත්‍යාංශය දැනුම් දෙයි.

විශේෂිත ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවක් උපුටා දක්වමින් නිකුත් කර ඇති මෙම චක්‍රලේඛය මගින් පෙන්වා දෙන්නේ:

  • කිසිදු දරුවෙකුට දඬුවම් කිරීමේ ක්‍රමයක් ලෙස හෝ වෙනත් හේතුවක් මත ශාරීරික හෝ මානසික හානියක් සිදු නොකළ යුතුය.
  • කවර මට්ටමකින් හෝ ශාරීරික දඬුවම් පැමිණවීම තහනම් වේ.
  • මෙවැනි ක්‍රියාවල නිරත වන වැරදිකරුවන්ට නීතිය මගින් දඬුවම් හිමි වනු ඇත.

සිසුන්ගේ විනය පවත්වාගෙන යාමේදී අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවේ සඳහන් කරුණු කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය අවධාරණය කරයි.