පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් සඳහා නවක වෛද්‍යවරුන් අයදුම් කර ඇත්තේ, සෞඛ්‍ය අමාත්‍යංශයෙන් සිදුවු තර්ජන හේතුවෙන් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
අනීතික ලෙස ස්ථාන මාරුවීම් සිදුකිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩවර්ජන ක්‍රියාමාර්ගවල නිරත වු අතර මෙතෙක් ඊට විසඳුම් නොලැබීම හේතුවෙන් අද (05) උදෑසන සිට ඔවුන් යළිත් සංකේත වැඩවර්ජනයක නිරතවී සිටී.
අද පෙරවරු 8.00සිට දිවයින පුරා පිහිටි සියලු රෝහල්වල මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කළේය.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා පවසන්නේ, නවක වෛද්‍යවරුන් මේ වන විට බියට පත්ව සිටින බවය.
ඒ පිළිබඳව අදහස් දැක් වූ වෛද්‍යවරයා,
