Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

‘GMOA’ සමඟ සාකච්ඡාවකට සෞඛ්‍ය ඇමති දින දෙයි

8 months ago

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) මතු කර ඇති ගැටලු පිළිබඳව අවධානය යොමු කරමින්, ලබන බ්‍රහස්පතින්දා (09) ඔවුන් සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට සූදානම් බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

අමාත්‍යවරයා සඳහන් කළේ, ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) සමුළුවකට සහභාගී වීම සඳහා තමන් අද (06) ඉන්දියාව බලා පිටත්ව යන බවයි. එම නිල සංචාරය නිමා කර යළි දිවයිනට පැමිණීමෙන් පසුව වෛද්‍යවරුන්ගේ ගැටලු සාකච්ඡා කිරීමට කාලය වෙන් කරන බව හෙතෙම තහවුරු කළේය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ සමුළුවකට සහභාගීවීමට තමන් හෙට (6) ඉන්දියාව බලා පිටත්ව යන බවත්, යළි පැමිණීමෙන් පසු අදාළ සාකච්ඡාව ලබාදීමට බලාපොරොත්තුවන බව බවත් හෙතෙම පැවසීය.