Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ණය පොලිය 4%කින් ඉහළට! බැංකු කිහිපයක පොළී අනුපාත 32% දක්වා ඉහළ නගී!

4 years ago

රාජ්‍ය සහ පෞද්ගලික බැංකු කිහිපයක් සිය ණය පොලී අනුපාත 4% ක ප්‍රතිශතයකින් යළි ඉහළ දමා තිබේ.

එම නිසා ඇතැම් බැංකුවල ණය පොලී අනුපාතය 32% ක් වැනි ඉහළ මට්ටමකට පැමිණ ඇති බව බැංකු වාර්තා පෙන්වා දෙනවා.

රාජ්‍ය බැංකුවලට සාපේක්ෂව ඇතැම් පෞද්ගලික බැංකුවල ණය පොලී අනුපාත අඩු අගයක පවතින නමුත් ණය නිකුත් කිරීම සඳහා පවතින කොන්දේසි ඉතා දැඩි කර තිබෙනවා.

මෙලෙස බැංකු පොලී අනුපාත විශාල ලෙස ඉහළ යෑම හේතුවෙන් සමස්ත බැංකු පද්ධතියේ ආපසු නොගෙවන ණය ප්‍රමාණය ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා.

මහ බැංකු වාර්තාවන්ට අනුව තුන්වන මට්ටමේ නොගෙවා පහර හැර ඇති ණය ප්‍රතිශතය මේ වන විට 10% ඉක්මවා ඇති අතර එම අගය 2021 වර්ෂය අවසන් වන විට පැවතියේ 7.6% ක් ලෙසය.