Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

වසා තිබියදීත් මසකට ලක්ෂ 360ක් අතිකාල ගෙවූ රාජ්‍ය ආයතනය

4 years ago

බොරතෙල් නොමැති කම නිසා පසුගිය ඔක්තෝබර් 04 වැනිදා සිට සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දමා තිබුණත් එම මාසයේදීත් එහි සේවකයන්ට රුපියල් ලක්ෂ තුන්සිය හැටකට (360) අධික මුදලක් අතිකාල දීමනා ලෙස ගෙවා තිබේ.

බොරතෙල් නොමැති වුවද පිරිපහදුව නඩත්තු කළ යුතු අතර එහි යන්ත්‍රවල උෂ්ණත්වය පවත්වාගෙන යාමට සෙල්සියස් අංශක දහසකට අධික උෂ්ණත්වයකින් යුතු උණුසුම් ජලය එහි නළවල පුරාව ඇති බව පිරිපහදු ආරංචි මාර්ග සඳහන් කරයි.

එම තත්ත්වයන් මත හදිසි නඩත්තු කටයුතු සඳහා පිරිපහදුව ආසන්නයේ සංස්ථා වියදමින් නඩක්තු කරනු ලබන E කොට් නමැති හදිසි නඩත්තු කණ්ඩායමක් ලෙස අක්කර 10 ප්‍රදේශයේ ඉංජිනේරු අංශයත්, අක්කර 05 ප්‍රදේශයේ නිවාසවල සෙසු සේවකයන් පිරිසකුත් දිවා රාත්‍රියේ නවත්වා ගෙන සිටිති. එවැනි තත්ත්වන් මත පිරිපහදුවේ නිෂ්පාදන කටයුතු නොමැති අවස්ථාවලදීද මේ සියලුම සේවකයන්ට අතිකාල ලබාදීම සංස්ථාවට අධික පාඩු සිදුවන්නක් බව සේවකයෝ පවසති.