Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

වැවේ ඔරු පදින්න ගිහින් ගැහැණු ළමුන් තිදෙනෙක් අතුරුදන්! වයස 10යි 17යි 18යි! 5ක් බේරාගනී!

4 years ago

සූරියවැව මහවැලිකඩආර වැවේ ඔරුවක් පෙරළීයෑමෙන් සිදුවූ අනතුරකින් ගැහැණු ළමුන් තිදෙනෙකු අතුරුදන් වී තිබේ.

අනතුර සිදුවන අවස්ථාවේ ඔරුවේ පුද්ගලයින් 8 දෙනෙකු ගමන් කර ඇති බව පොලීසිය පැවසීය.

ඔරුවේ ගමන් කළ බිලිඳෙකු ඇතුළු 5 දෙනෙකුව ප්‍රදේශවාසීන් විසින් බේරාගෙන ඇති අතර ඔවුන්ව රෝහල්ගත කර ඇත.

අතුරුදන්ව ඇති ගැහැණු ළමුන් තිදෙනා සොයා සෝදිසි මෙහෙයුම් ආරම්භ කර ඇති බව පොලීසිය සඳහන් කළේය.

දියේ ගිලී බේරාගත් මාස 8ක බිලිඳිය ඇතුළු පස් දෙනාගේ තත්ත්වය බරපතළ නොවන බවයි පවසන්නේ.

මේ වනවිට අතුරුදන් වී ඇත්තේ 18, 17 සහ 10 යන වයස්වල පසුවූ ගැහැණු දරුවන් තිදෙනෙකි.

මෙම පිරිස කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් බවත් ඥාතියෙකුගේ උත්සවයක් සඳහා මෙම ප්‍රදේශයට පැමිණ සිට ඇති බවටත් පොලීසිය පවසයි.