අලුත් අවුරුදු උත්සව සමයේ සංවිධානය කරනු ලබන විවිධ ක්‍රීඩා ඉසව්වලදී සිදුවන අනතුරු අවම කර ගැනීම සඳහා සෞඛ්‍ය අංශ මගින් මීට පෙර නිකුත් කරන ලද විශේෂ සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව කෙරෙහි දැඩි අවධානය යොමු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවගෙන් සහ උත්සව සංවිධායකයන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
උත්සව සංවිධායකයන් මෙන්ම සහභාගී වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ද මෙම උපදෙස් පිළිපැදීම අත්‍යවශ්‍ය බව සෞඛ්‍ය අංශ අවධාරණය කළා.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකය පෙන්වා දෙන්නේ ක්‍රීඩා ඉසව් ආරම්භ කිරීමට පෙර සහභාගී වන්නන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව මූලික අවධානයක් යොමු කිරීම වැදගත් බවයි.
විශේෂයෙන්ම හෘද රෝග, අධික රුධිර පීඩනය හෝ වෙනත් නිදන්ගත රෝග ඇති පුද්ගලයන් දැඩි වෙහෙසකාරී ක්‍රීඩාවල නිරත වීමෙන් වැළකී සිටිය යුතු බවත් පවතින දැඩි රශ්මිය හමුවේ විජලනය වළක්වා ගැනීමට ප්‍රමාණවත් පරිදි ජලය පානය කළ යුතු බවත් සෞඛ්‍ය අංශය අවධාරණය කළා.
එමෙන්ම ක්‍රීඩා ආරම්භ කිරීමට පෙර මාංශ පේශි සූදානම් කිරීමේ ව්‍යායාමවල නිරත වීම අනිවාර්ය වන බව එහි සඳහන්වනවා.
සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කළ මාර්ගෝපදේශ සංග්‍රහයේ විශේෂිත ක්‍රීඩා සඳහා පහත සඳහන් නිර්දේශ ඇතුළත් කර තිබෙනවා.
එනම් කඹ ඇදීම මේ සඳහා ශක්තිමත්, හානි නොවූ කඹයක් භාවිතා කළ යුතු අතර ක්‍රීඩකයන් ලිස්සා නොයන පාවහන් පැළඳිය යුතු බවත් තරගය පැවැත්වෙන භූමිය තණකොළ සහිත සමතලා බිමක් විය යුතු අතර ගල් හෝ අනතුරුදායක ද්‍රව්‍යවලින් තොර විය යුතු බව සෞඛ්‍ය අමාත්‍යාශය පවසනවා.
මෙහිදී තරගකරුවන් වැටෙන ස්ථානයට පිදුරු හෝ මෘදු මෙට්ට වැනි ආරක්ෂිත ආවරණ යෙදිය යුතු බවත් කොට්ට ඉතා බරින් වැඩි නොවිය යුතු අතර තරගය අතරතුර අනතුරුදායක ලෙස ගැටීමෙන් වැළකීමට ‘ස්පොටර්ස්’ හෙවත් සහායකයන් යෙදවිය යුතු බව සඳහන්.
එමෙන්ම ගස අවට ප්‍රදේශය වැටීමකදී අනතුරු නොවන සේ වැලි හෝ මෘදු පස් යොදා සකස් කළ යුතු අතර ගසෙහි අනතුරුදායක ලෙස ඇණ හෝ ගැට නොමැති බව තහවුරු කර ගත යුතු වනවා.
නරඹන්නන් ආරක්ෂිත දුරකින් තැබීමට බාධක යෙදිය යුතු බව එහි වැඩිදුරටත් සඳහන්.
එමෙන්ම මෙම මාර්ගෝපදේශ මගින් ගම හරහා දිවීම, මැරතන් තරග, පාපැදි තරග වැනි දිගු වේලාවක් පැවැත්වෙන ඉසව් සඳහා තරග වදින්නන් අවම වශයෙන් තරගයට පෙර සති 6කට පෙර පුහුණුවීම් සිදුකළ යුතු බවත් ඒ සඳහා පුහුණුකරුවෙකු යටතේ පුහුණුවීම වඩාත් යෝග්‍ය බවත් පෙන්වා දී තිබෙනවා.
අලියට ඇස තැබීම තරඟයේදි ඇස් බැඳ ගමන් කරන පුද්ගලයා අනතුරුදායක බාධකවල ගැටීම වැළැක්වීමට තරගය පවත්වන භූමිය සම්පූර්ණයෙන්ම බාධකවලින් තොර විය යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
සංවිධායකයන්ගේ වගකීම සෑම උත්සව භූමියකම ප්‍රථමාධාර කට්ටලයක් සහ හදිසි අවස්ථාවකදී රෝගියෙකු රෝහල් ගත කිරීමට වාහනයක් සූදානම් කර තිබිය යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශය උපදෙස්දී තිබෙනවා.
එමෙන්ම හැකි සෑම විටම ප්‍රදේශයේ සෞඛ්‍ය නිලධාරීන්ගේ හෝ ස්වේච්ඡා ප්‍රථමාධාර කණ්ඩායමක (උදා: රෙඩ් ක්‍රොස්) සහාය ලබා ගැනීම උචිත බව ද පෙන්වදෙනවා.
මෙම මාර්ගෝපදේශ අනුගමනය කිරීමෙන් පාරම්පරික ක්‍රීඩාවල හරය ආරක්ෂා කරගනිමින්, අනවශ්‍ය ජීවිත හානි සහ බරපතල තුවාලවලින් තොරව අවුරුදු සමය සැමරීමට හැකි වන බව සෞඛ්‍ය අංශ වැඩිදුරටත් සඳහන් කළා.
