Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

දෙහැවිරිදි හා තුන් හැවිරිදි දරුවන් දෙදෙනා පාළු නිවසක දමා මව්පියන් පැන යයි

4 years ago

අම්බලන්ගොඩ කුලීගොඩ රන්කොත් විහාර මාර්ගයේ නිවසක් තුළ කුඩා දරුවන් දෙදෙනෙකු අතහැර දමාගොස් ඇති බව කියන සිද්ධියක් වාර්තා වනවා.

මේ සිද්ධිය සැලවීමත් සමඟ අසල්වාසීන් විසින් ඊයේ (11) රාත්‍රියේ අම්බලන්ගොඩ පොලීසියේ ළමා හා කාන්තා කාර්යංශය දැනුවත් කර තිබුණි.

ඒ අනුව එම ස්ථානයට ගිය පොලීසිය දරුවන් දෙදෙනා පොලිස් ස්ථානය වෙත රැගෙනවිත් තිබුණි.

මෙලෙස නිවස තුළ තනිකර දමා ගොස් ඇත්තේ අවුරුදු 2ක් සහ 3ක් පමණ වයසැති ගැහැනු දරුවන් දෙදෙනෙකි.

අම්බලන්ගොඩ පොලීසිය සඳහන් කරන්නේ පොලීසිය භාරයේ සිටින දරුවන් දෙදෙනා ළමා නිවාසයකට භාරදීම සඳහා අධිකරණයෙන් අවසර ලබාගැනීමට කටයුතු කරන බවයි.

මෙම දරුවන්ගේ දෙමාපියන් සොයා ගැනීම සඳහා මහජන සහාය පතන බවත් ඔවුන් සොයාගත් පසු ඔවුන්ට විරුද්ධව නීතිමය පියවර ගන්නා බවත් පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.