මහමැද්දෑව ගම්මානය ආසන්නයේ සිට ආරම්භ වන තබ්බෝව අභය භුමියෙ සිට පැමිණි බවට සැක කෙරෙන දැඩි ලෙස අසාධ්‍ය වු අලි පැංචකු නවගත්තේගම මහමැද්දෑව ප්‍රදේශයෙ නිවසක මිදුලකට ඊයේ(12) දින අලුයම පැමිණ අසරණව වැටි සිටියදී වනජීවි නිළධාරින්ට දන්වා ප්‍රතිකාර ලබා දීමට කටයුතු කළේය.
වයඹ වනජීවි පශු වෛද්‍ය ඒකකයෙ පශු වෛද්‍ය ඉසුරු කොට්ටගොඩ මහතා පවසා සිටියෙ මෙම අලි පැටවා හක්ක පටස් පිපිරිමකට ලක්ව මුඛ්‍ය තුළ තුවාල සිදුව ඇති බවත් ඒ සමගම සිරුරේ ස්ථාන කිපයකට වෙඩි වැදි තුවාල සිදුවිමේන් සිරුර පිටත හා අභ්‍යන්තරය තුළ තුවාල සිදු විමේන් අසාධ්‍යව මෙසේ ඇද වැටි සිටි බවයි.
අවුරුදු පහක් පමණ වයසකින් යුත් මෙම අලි පැටවා අඩි පහක පමණ උසකින් යුක්ත බව වනජීවි නිළධාරින් පවසයි.
අසාධ්‍යව සිටි අලි පැටවා පිහිට පතා නිවෙස ඉදිරිපිට මිදුලේ ඇද වැටි විලාප තැබු බව නිවෙස් හිමියා පවසයි.
