පස්යාල ගිරිඋල්ල මාර්ගයේ හිරිවල ප්‍රදේශයේ පිහිටි යතුරු පැදි අළුත්වැඩියා කරන ගරාජයක 11 වැනි දා රාත්‍රි ඇතිවූ ගින්නකින් එහි තිබූ යතුරු පැදි විස්සක් පමණ සම්පූර්ණයේම විනාශවී ඇතැයි මීරිගම පොලිසිය පවසනවා
ගින්න මැඩ පැවැත්වීම සඳහා ප්‍රදේශවාසීන් ගත් උත්සාහයන් ව්‍යර්ථවී ඇති අතර ඒ හේතුවෙන් ගම්පහ නගර සභාවේ ගිිනි නිවන ඒකකය කැදවීමට සිදුවූ බවද පොලිසිය පවසනවා.
ගින්න හේතුවෙන් සිදුව ඇති අලාභය රුපියල් ලක්ෂ පනහ ඉක්මවනු ඇති බවට ගනන් බලා ඇත.
