Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සජිත්ලාගේ බොරුවක් අතේ පත්තු වෙයි! එක් වූ බව පැවසූ හතරකගෙන් නිවේදනය ප්‍රතික්ෂේප කරමින් විශේෂ ප්‍රකාශ!

4 years ago

සමගි ජන බලවේග සන්ධානය සමග එක්වූ බව පැවසූ මන්ත්‍රීවරුන් සිවුදෙනෙකු ඒ සම්බන්ධයෙන් පළවන වාර්තා ප්‍රතික්ෂේප කර තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ස්වාධීන වූ මන්ත්‍රීවරුන් 06 දෙනෙකු ඊයේ (14) පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී එම සන්ධානය සමග කටයුතු කිරීමට තීරණය කළ බවයි සමගි ජන බලවේගය විසින් පැවසුවේ.

තමා සමගි ජන සංධානයට එකතු වූ බවට පළවන වාර්තා අසත්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රී
විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පවසනවා. 
 
නිවේදනයක් නිකුත් කරමින් මේ බව කියන මන්ත්‍රීවරිය වැඩිදුරටත් සඳහන් කරන්නේ, 2023
වර්ෂය සඳහා වන අයවැය යෝජනා ඉදිරිපත් කරන අවස්ථාවේ ජනතාව වෙනුවෙන් පොදුවේ
විපක්ෂයක් ලෙස ජනතාව වෙනුවෙන් සිදු කළ යුතු කාර්යය භාරය පිළිබඳව සාකච්ඡා කිරීම
සඳහා පමණක් තමා විපක්ෂ නායකවරයා ඇතුළු විපක්ෂයේ කණ්ඩායමක් හමු වූ බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රියංකර ජයරත්න මහතා ද සමාජ මාධ්‍ය ඔස්සේ පණිවුඩයක් යොමු කරමින් දක්වා ඇත්තේ තමා විදේශගතව සිටින බවත් සමගි ජන බලවේගය සමග සම්බන්ධ වූ බවට පළවන වාර්තා අසත්‍ය බවත්ය.

එමෙන්ම, පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් සෙනෙවිරත්න මහතා හා පාර්ලිමේන්තු මන්ත්‍රී ජයරත්න හේරත්  ප්‍රකාශ කළේ, ඔවුන් කිසිදු විටක සමගි ජනබලවේගය සමග සම්බන්ධ වීමට තීරණය කර නොමැති බවය.