Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ශ්‍රී ලංකා පොලීසියෙන් මහජනතාවට විශේෂ දැනුම්දීමක්!

4 years ago

ගමන් බිමන් යාමේදි අනන්‍යතාව තහවුරු කර ගැනීම සඳහා ඉදිරිපත් කළ හැකි සුදුසු ලේඛණයක විශේෂයෙන්ම ජාතික හැඳුනුම්පත වැනි ලේඛණයක් ළඟ තබා ගැනීම තුළිත් පත්වන අපහසුතාවයන්ගෙන් වැලකී සිටීමට හැකි බව මහජනතාවට දැනුම් දෙන බව පොලීසිය පවසයි.

එසේම යම් පුද්ගලයෙකු සේවයේ යොදවා ගන්නේ නම් එම පුද්ගලයා සම්බන්ධයෙන් අනන්‍යාතව තහවුරු කර ගැනිමට අවශ්‍ය සුදුසු ලේඛන ළඟ තබා ගැනීම සේවයේ යොදවන්නාගේ මෙන්ම සේවකයාගේ ආරක්ෂාවටද ඉතාමත් වැදගත් බව පොලීසිය පවසයි.

පසුගිය සෙනසුරාදා තලංගම පොලිස් වසමේ සිදුවූ සිදුවීම පිළිබඳව සමාජ මාධ්‍යවල පළවූ වාර්තා සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වා පොලීසිය විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබේ.