Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පියාට හා දියණියට මරු කැඳ වූ බීමත් රියදුරු

4 years ago

පියෙකු සහ ඇගේ දියණිය ගැටීමට සලස්වා පළාගිය මෝටර් රථයක් මීරිගම – පල්ලේවෙල
ප්‍රදේශයේ දී පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. 
 
මීරිගම – පස්යාල මාර්ගයේ කොටකන්ද හන්දිය ආසන්නයේදී ඊයේ (14) පස්වරුවේ සිදු වූ මෙම
අනතුරෙන් ජිවිතක්ෂ්‍යට පත්වුණේ 54 හැවිරිදි පියා සහ ඔහුගේ 14 හැවිරිදි දියණියයි. 
 
අදාළ දැරිය උපකාරක පන්ති අවසන් වී යළිත් නිවසට කැඳවාගෙන එමින් සිටියදී අදාළ මෝටර් රථය ඔවුන්ව අනතුරට ලක්කර පලාගොස් තිබුණා. 
 
කෙසේ වෙතත්, පසුව මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, එහිදී අනාවරණ වී ඇත්තේ ඔහු මත්පැන් පානය කර සිට ඇති බවයි.