දිවයිනේ සමස්ත පාසල් ආවරණය වන පරිදි පාසල් සිසුන් සඳහා දවල් ආහාර වේලක් ලබාදීමේ ජාතික වැඩසටහන ජනවාරි මාසයේ සිට ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල්
ප්‍රේමජයන්ත පවසනවා.
කොටහේන කුමර විදුහලේ ඊයේ (15) සංවිධානය කර තිබූ උත්සවයක් අමතමින් ඔහු කියා සිටියේ, රුපියල් කෝටියකට වැඩි වටිනාකමකින් යුත් වියළි ආහාර ද්‍රව්‍ය බෙදා දීමේ නියමු වැඩසටහන කුමර විදුහලෙන් ආරම්භ කළ බව යි.
රජය විසින් සියලුම පාසල් සිසුන්ට දිවා ආහාරය ලබාදීම සඳහා රුපියල් බිලියන 4ක් වෙන් කර ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.
