මතුගම සිට හිනිදුම ප්‍රදේශයට ගමන් ගත් වෑන් රථයක් මීගහතැන්න මංසන්ධියේදී මාර්ගයෙන් ඉවතට පැන පෙරලී යාමෙන් කාන්තාවක් මියගොස්, 10 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
බරපතල තුවාල ලැබූ කිහිපදෙනෙකු කලුතර – නාගොඩ රෝහලට ඇතුළත් කළ බවයි මීගහතැන්න පොලීසිය සඳහන් කළේ.
කාන්තාවක් විදේශ ගත කිරීම සඳහා කටුනායක ගුවන්තොටුපලට ඇරලවා යළි පැමිණෙමින් සිටියදී අද (16) අලුයම ඔවුන් මෙම අනතුරට ලක්ව තිබෙනවා.
රියදුරුට නින්ද යාමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
