Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඩොලරයේ වැඩිවීම සම්බන්ධයෙන් මහ බැංකු අධිපතිගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්

6 months ago

ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ බැංකුකරුවන් අතර විශේෂ සාකච්ඡාවක් පසුගියදා (21) දින පවත්වා තිබේ. එහිදී වානිජ බැංකුවල විනිමය බෙදුම්කරුවන් (currency dealers) විශේෂයෙන්ම මෙම සාකච්ඡාවට එක්ව ඇත. ශ්‍රී ලංකා රුපියල වෙත එල්ල වී ඇති පීඩනය හමුවේ ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව වසර 3කට පසුව වාර්තා වූ ඩොලරයේ ඉහළම අනුපාතිකයන් පසුගිය 21 වනදා වාර්තා විය.

වෙළෙඳපොළ තුළ ඩොලර් ඉල්ලුම ඉහළ යාම හමුවේ, ඩොලර් ද්‍රවශීලතාවය පහළ යාමත්, ආනයනකරුවන් ඉදිරි ආනයන වෙනුවෙන් ඩොලර් ඇණවුම් කිරීම් වැඩි කිරීමත් යන කරුණු මත මේ වන විට දේශීය රුපියල වෙත බලපා ඇති විනිමය පීඩනය පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත.