Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අත්‍යවශ්‍ය භාණ්ඩ 637ක මිළ ඉහළට! සෙස් බද්ද ඊයේ සිට ක්‍රියාත්මකයි!

4 years ago

එකතු කළ අගය මත පනවන ලද බද්ද (සෙස්) ඊයේ (15දා) සිට ක්‍රියාත්මක වීම නිසා අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා ආනයනික භාණ්ඩ එකසිය අසූ හතක් (187) යටතේ ඇති භාණ්ඩ හයසිය තිස් හතක (637) මිල ඉහළ යන බව ආනයනකරුවන් පවසයි.

මුදල් අමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ පෙරේදා (14දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 2023 අයවැය ලේඛනය අනුව එකතු කළ අගය මත පනවන ලද බද්ද සංශෝධනය කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරන ලෙස රේගුව වෙත දන්වා තිබේ.

ඒ අනුව සහල්, අර්තාපල්, පරිප්පු, ලූනු, ෆාම් තෙල්, බටර්, චීස්, කිරි ආදී අත්‍යාවශ්‍ය ද්‍රව්‍යද, පොත්, පෑන්, පාවහන්, දවටන, ටයර් ආදී භාණ්ඩවල මිල එසේ ඉහළ යනු ඇත.

ආනයනික සහල් කිලෝග්‍රෑමයකට රුපියල් 60ක් දක්වාද
ලූනු කිලෝග්‍රෑමයකට රුපියල් 30ක් දක්වාද
අර්තාපල් කිලෝවකට රුපියල් 220ක් දක්වාද
කඩල කිලෝග්‍රෑමයකට රුපියල් 300ක් දක්වාද
බටර් කිලෝග්‍රෑමයකට රුපියල් 550ක් දක්වාද
චීස් කිලෝග්‍රෑමයකට රුපියල් 600ක් දක්වාද ඉහළ දමා තිබේ.

මීට අමතරව බඩඉරිඟු කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් තුන්සීයක් දක්වාද, ඇපල් කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 380ක් දක්වාද, ෆාම් තෙල් කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් හැටක්ද,  කොප්පරා කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් තුන්සිය හැත්තෑවක් දක්වාද ඉහළ දමා ඇත.

මීට අමතරව රබර් හා ටයර් රුපියල් සීයේ සිට හාරසීය (100-400) දක්වාත්
පාවහන් වර්ග අනුව රුපියල් 90-1840 දක්වාත්
බෝල්පොයින්ට් පෑන්වල මිල සීයට විසිපහක්ද (25%)
අභ්‍යාස පොත් කිලෝග්‍රෑමයක් රුපියල් 250කින්ද
දවටන කිලෝග්‍රෑමයක් රුපියල් දෙසීයකින්ද
ලිහිසි තෙල් කිලෝග්‍රෑමයක් රුපියල් තුන්සීයකින්ද වශයෙන් බදු අය කරන ලෙස රේගුවට දන්වා තිබේ.

​රේගු මාධ්‍ය ප්‍රකාශක සුදන්ත සිල්වා සඳහන් කළේ සෙස් බද්ද වැඩිකර ඇති භාණ්ඩ ඊයේ (15වැනිදා) සිට රේගුවෙන් නිෂ්කාශනය කිරීමේදී නව බදු ගාස්තු අය කරන බවයි.

(උපුටාගැනීම – අරුණ – චමින්ද සේනාරත්න)