Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

බදුල්ල මහ රෝහලේ පැය 6ක විශ්මිත සැත්කමක්

4 years ago

බදුල්ල මහ රෝහලේ ස්නායු ශල්‍ය වෛද්‍ය ඒකකයට ස්නායු ශල්‍ය වෛද්‍ය ඒකකයට ඇතුළත් කර සිටි  41 හැවිරිදි රෝගියෙකුගේ කශේරුකාවේ හටගෙන තිබු ගෙඩියක් (16) දින සිදු කරන ලද පැය හයක සැත්කමකින් පසු සාර්ථකව ඉවත් කිරීමට හැකි වූ බව බදුල්ල පළාත් මහ රෝහලේ ස්නායු ශල්‍ය ඒකකයේ විශේෂඥ වෛද්‍ය ලක්මාල් හේවගේ මහතා පවසනවා.

රෝගියාගේ සුෂුම්නාව, වකුගඩු සහ අක්මාව දක්වා මෙම ගෙඩිය පැතිර තිබු බවත් එය කිලෝ එකක් පමණ බරකින් යුක්ත බවත් සැත්කමින් පසු රෝගියා සුවෙන් පසුවන බවද විශේෂඥ වෛද්‍ය ලක්මාල් හේවගේ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

බදුල්ල මහ රෝහලේ ස්නායු ශල්‍ය පිළිබඳව විශේෂඥ වෛද්‍ය ලක්මාල් හේවගේ මහතා ඇතුළු ශල්‍ය වෛද්‍ය ඒකකයේ විශේෂඥ වෛද්‍යවරුන් සහ පිළිකා ශල්‍ය වෛද්‍යවරුන් සහ මෞත්‍ර ලිංගික ශල්‍ය වෛද්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් මෙම සැත්කම කර තිබිණි.