Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

හොරොයින් වැටලීමකට ගිය පොලිස් නිලධාරීන් පිරිසකට කාන්තාවන්ගෙන් ගල් ප්‍රහාරයක්! තුවාල ලැබූ නිළධාරියෙක් රෝහල් ගත කෙරේ!

4 years ago

හෙරොයින් වැටලීමකට ගිය පොලිස් නිලධාරීන් පිරිසකට පහර දී රාජකාරියට බාධා කිරීමේ
සිද්ධියක් සම්බන්ධයෙන් කාන්තාවන් හය දෙනෙකු අනුරාධපුර පුබුදුපුර ප්‍රදේශයේ දී
අත්අඩංගුවට ගෙන තිබෙනවා. 
 
අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් ඊයේ (16) දහවල්
පුබුදුපුර ප්‍රදේශයේ සිදු කළ වැටලීමක දී හෙරොයින් ග්‍රෑම් 14යි මිලිග්‍රෑම් 220ක්
සමඟ සැකකරුවන් සිවු දෙනෙකු අත් අඩංගුවට ගත් බව සඳහන්. 
 
අත්අඩංගුවට ගත් සැකකරුවන් පොලිසිය වෙත රැගෙන යාමට සුදානම් වන අවස්ථාවේ එම ස්ථානයට පැමිණි අදාළ සැකකරුවන්ගේ ඥාතී කාන්තාවන් හය දෙනෙකු පොලිස් නිලධාරීන් වෙත ගල්මුල් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. 
 
එහි දී තුවාල ලැබූ පොලිස් නිලධාරියෙකු ප්‍රතිකාර සඳහා අනුරාධපුර මහ රෝහලට ඇතුළත් කර ඇති බව යි වාර්තා වන්නේ. 
 
පොලිස් නිලධාරින්ගේ රාජකාරියට බාධා කර අඩත්තේට්ටම් කිරීම, නීති විරෝධී රැස්වීමක
සාමාජිකයන් වීම සහ ගල්වලින් පහර දී තුවාල සිදු කිරීම යන වැරදි සම්බන්ධයෙන් අදාළ
කාන්තාවන් හය දෙනා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා. 
 
අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ සැකකාරියන් අද (17) දින අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරෙනු ඇති.