ලොව මෙතෙක් බිහිවූ විශිෂ්ටතම විද්‍යඥයින් දෙදෙනෙකු ලෙස සැලකෙන ඇල්බර්ට්
අයින්ස්ටයින් සහ ස්ටීවන් හෝකින්ස්ගේ IQ මට්ටම ඉක්මවා ගිය ශ්‍රී ලාංකික සම්භවයක්
සහිත දැරියක පිළිබඳ පුවතක් එක්සත් රාජධානියෙන් වාර්තා වනවා.
අරියානා හීමාල් ධර්මසේන නමැති 10 හැවිරිදි පාසල් දැරියක මෙම දක්ෂතාව දක්වා තිබෙන
අතර ඇයට ඒ වෙනුවෙන් පිරිනමා ඇති සහතික පත්‍රයේ දැක්වෙන් පරිදි Mensa බුද්ධි
පරීක්ෂණයෙන් ඇය ලකුණු 162ක් හිමිකරගෙන තිබෙනවා.
අදාල පරීක්ෂණයෙහි එම දක්ෂතාව සටහන් වන්නේ “genius” මට්ටම ලෙස බව ද එම මාධ්‍ය
වාර්තාවල සඳහන් වනවා.
එම දක්ෂතාව හේතු කොටගෙන ඇයට මෙන්සා උසස් බුද්ධි සමාජයේ සාමාජිකත්වය ද පිරිනමා
තිබෙන අතර ඇයගේ එම දක්ෂතාව පිළිබඳ එරට මාධ්‍ය රැසක් ම කරුණු වාර්තා කොට තිබෙනවා.
හඩර්ස්ෆීල්ඩ්හි ශාන්ත පැට්‍රික් කතෝලික ප්‍රාථමික පාසලේ අධ්‍යාපනය ලබන ඇයගේ අනාගත අපේක්ෂාව වී ඇත්තේ, ප්‍රසිද්ධ විද්‍යාඥවරියක බවට පත්වීම බවයි එම මාධ්‍ය වාර්තාවල සඳහන් වන්නේ.
hits : රිලවුන්ට පියා පත්තු කළ වෙඩිල්ල දියණියට වැඳෙයි! තුවාල ලැබූ දියණිය රෝහල්ගත කරයි!
