Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සෑම ලාංකික කාන්තාවන් පස් දෙනෙකුගෙන් එක් අයෙක් ලිංගික අතවරයන්ට ලක්වන බව පර්යේෂණයකින් හෙළි වෙයි

4 years ago

සෑම ශ්‍රී ලාංකික කාන්තාවන් පස් දෙනෙකුගෙන් එක් අයෙකුම ලිංගික අතවරවලට ලක්වන බව
පර්යේෂණවලින් සොයාගෙන ඇති බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ
අද(17) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
 
එබැවින් මෙම තත්ත්වය විසඳීම සඳහා ප්‍රතිසංස්කරණ ඇති කරන ලෙස රාජ්‍ය අමාත්‍යවරිය පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටියා. 
 
“ලිංගික හිංසනයට ලක් වූ කාන්තාවන්ට පොලිසියට පැමිණිලි කිරීමට නිසි පරිසරයක් නැහැ. හිරිහැරයක් ගැන පැමිණිලි කරන්න කාන්තාවක් ස්ටේෂන් එකකට එනකොට පොලිසියේ හැමෝම එකතු වෙනවා. රහස්‍යභාවය තහවුරු කිරීම සඳහා සෑම පොලිස් ස්ථානයකම අවම වශයෙන් කාන්තා
කොස්තාපල්වරියන් 13 දෙනෙකුවත් අවශ්‍ය බව සොයාගෙන තිබෙනවා,” රාජ්‍ය අමාත්‍යවරිය
එහි දී පැවසුවා. 
 
මේ අතර තමන් ලද අත්දැකීමක් විස්තර කරමින් වැඩිදුරටත් කියා සිටියේ, වයස අවුරුදු
15දී ලිංගික හිංසනයට ලක් වූ කාන්තාවක් මෑතකදී තමා හමුවීමට පැමිණි අතර ඇයට විවාහ වීමට හැකි වන පරිදි ඇයගේ උසාවියේ නඩුව අවසන් කර ගැනීමට උදව් ඉල්ලූ බවයි. 
 
එසේ ම වයස අවුරුදු දෙකට අඩු දරුවන් සිටින කාන්තාවන්ට රැකියා සඳහා විදේශ ගතවීම
තහනම් කිරීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බව ද රාජ්‍ය අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළා.

hits : රිලවුන්ට පියා පත්තු කළ වෙඩිල්ල දියණියට වැඳෙයි! තුවාල ලැබූ දියණිය රෝහල්ගත කරයි!

hits : කල්පිටිය මුහුදෙන් හඳුනා නොගත් මත්ස්‍යයෙක් හමුවෙයි