අංගොඩ මානසික සෞඛ්‍ය විද්‍යායතනයට දිගින් දිගටම අයිස් මත්ද්‍රව්‍යට ඇබ්බැහි වූ තරුණ පාසල් දරුවන් ඇතුළු තරුණයන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණීම වැඩි වී ඇතැයි එම රෝහල මාධ්‍යයට පවසා සිටී.
උද්ගත වූ මෙම තත්වය මත අයිස් මත්ද්‍රව්‍යට ඇබ්බැහිවූවන්ට නේවාසිකව ප්‍රතිකාර කිරීම සඳහා වෙන් කර ඇති ප්‍රතිකාර ඒකකය ද සම්පූර්ණයෙන් ම පිරී ඇති බව අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ මනෝ වෛද්‍ය විශේෂඥ පුෂ්පා රණසිංහ මහත්මිය පවසයි.
පෙර නොවූ විරූ ලෙස ගතවූ මාසයක කාලය තුළ අයිස් මත්ද්‍රව්‍යට ඇබ්බැහි වූ මානසික රෝගීන්ගේ ශීඝ්‍ර වැඩි වීමක් පෙන්නුම් කරන බව ඇය සඳහන් කරන අතර මේ දිනවල මානසික සෞඛ්‍ය විද්‍යායතනයට පැමිණෙන අවුරුදු 18ත් 30ත් අතර වයස් කාණ්ඩයේ පසුවන පිරිමි ළමයින්ගෙන් සියයට හැත්තෑපහක (75%) පිරිසක් අයිස් මත්ද්‍රව්‍යට ඇබ්බැහි වී මානසික ව්යාකුලතාවයන්ට ගොදුරු වීම නිසා ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණ සිටිති. මනෝ වෛද්‍යවරිය සඳහන් කරන්නේ අයිස් මත්ද්‍රව්‍ය හේතුවෙන් මෙම මානසික රෝගීන්ගේ මොළයට දැඩි බලපෑම් සිදුව ඇති බවය. එසේම අයිස් මත්ද්‍රව්‍යට ඇබ්බැහිවීම හේතුවෙන් කොළඹ ප්‍රදේශයේ මසකට තරුණයන් 10 දෙනකු පමණ සිය දිවි හානිකර ගැනීමේ ප්‍රවණතාවක් ඇති බව කොළඹ නාගරික අතිරේක හදිසි මරණ පරීක්ෂක ඉරේෂා සමරවීර මහත්මිය ද මාධ්‍යයට ප්‍රකාශක් කර තිබේ. .
මෙම මත්ද්‍රව්‍යට ඇබ්බැහිවූවන් වසර තුනක් වැනි කෙටි කාලයක් තුළදී සිය දිවි නසා ගැනීමට පෙලඹී ඇති බව ඔවුන්ගේ මරණ පරීක්ෂණවලදී තහවුරු වී ඇති බව ද වෛද්‍යවරිය වැඩි දුරටත් පෙන්වා දෙයි.
සෞඛ්‍ය අංශ දෙමව්පියන්ගේ ඉල්ලා සිටින්නේ තම දරුවන් සම්බන්ධයෙන් විශේෂ අවධානයකින් පසුවන ලෙසයි.
(lankavoice)
