Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

වික්ටෝරියා ජලාශයෙන් හා මහවැලි ගඟෙන් මතු වූ නාදුනන මළ සිරුරු

4 years ago

වික්ටෝරියා ජලාශයේ තිබී නාඳුනන පුද්ගල මළ සිරුරක් පොලිසිය සොයාගෙන තිබෙනවා.

මියගොස් ඇති පුද්ගලයා වයස අවුරුදු 25ත් 30ත් අතර වයසක පසුවන අයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මහනුවර රෝහලේ තැන්පත් කර තිබෙනවා. පල්ලෙකැලේ පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශන සිදුකරනවා.

මේ අතර කටුගස්තොට හල්ඔළුව ප්‍රදේශයේ මහවැලි ගඟේ තිබී නාඳුනන පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

අද (18) උදෑසන පොලිසියට ලැබුණු තොරතුරකට අනුවයි මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කෙරුණේ.

මියගොස් ඇත්තේ වයස අවුරුදු 40ක් 50ක් පමණ අතර වයසක පසුවන පුද්ගලයෙක් වන අතර ඔහු තැඹිලි හා කලු කොටු සහිත අත් කොට කමිසයක් හා කලු පැහැදි දිග කලිසමක් හැඳ දුඹුරු පැහැති සපත්තු පැළඳ සිටින බවයි පොලිසිය සඳහන් කළේ.

මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මහනුවර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා. කටුගස්තොට පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවද්.