පාසල් උපකරණවල මිල සීඝ්රයෙන් ඉහළ යාම පිළිබඳව අවධානය යොමු කළ අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේම්ජයන්ත අදාළ නිලධාරින් කැඳවා විශේෂ හදිසි සාකච්ඡාවක් පවත්වා අඩුම මිලට අභ්‍යාස පොත් දරුවන්ට ලබා දීමේ වැඩපිළිවෙළක් සකස් කරන ලෙස රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාවට දැනුම් තිබෙනවා..
එම සාකච්ඡාවේදී ඇමැතිවරයා ප්‍රකාශ කර ඇත්තේ රාජ්‍ය බැංකුවකින් ණය පහසුකම් ලබාගෙන අභ්‍යාස පොත් මුද්‍රණය කරන ලෙසයි.
එම වැඩපිළිවෙළ යටතේ පාසල් දරුවන්ට අඩු මුදලකට මෙන්ම සමෘද්ධිලාභී පවුල්වල දරුවන්ට සහන මිලකටත් අභ්‍යාස පොත් ලබා දෙන ලෙස එහිදී ඇමැතිවරයා දැනුම් දී තිබෙනවා.
ඒ සඳහා වූ වාර්තාව අද (18 වැනිදා) දිනය වන විට අධ්‍යාපන අමාත්‍යාංශයට භාර දෙන ලෙසද ඇමැතිවරයා රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාවට නියෝග කර තිබේ.
මේ අතර අභ්‍යාස පොත් මුද්‍රණය සඳහා නවීනතම යන්ත්‍රයක අවශ්‍යතාව පැන නැගී ඇති අතර එම යන්ත්‍රය මෙරටට ගෙන්වා අභ්‍යාසපොත් මුද්‍රණය කළේ නම් රුපියල් තිහකට අඩුවෙන් පිටු 40 යේ අභ්‍යාස පොත් ලබා දීමේ හැකියාව පවතින බවයියි වාර්තා වන්නේ.
