Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රියදුරු බලපත්‍ර ගන්න ඉන්න අයට විශේෂ දැනුවත්කිරීමක්

4 years ago

එක්දින සේවාව යටතේ දෛනිකව නිකුත් කරනු ලබන රියදුරු බලපත්‍ර කාඩ්පත් සංඛ්‍යාව 50
ක් දක්වා සීමා කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

බලපත්‍ර මුද්‍රණය කිරීමට අවශ්‍ය කාඩ්පත් හිඟවීම හේතුවෙන් පසුගිය දිනවලදී රියදුරු
බලපත්‍ර නිකුත් කරනු ලැබුවේ තාවකාලික රියදුරු බලපත්‍ර පත්‍රිකාවක් ලෙස වන අතර එලෙස තාවකාලිකව රියදුරු බලපත්‍ර පත්‍රිකා ලක්ෂ 06 ක් පමණ නිකුත් කර තිබූ බවයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ වන විට රියදුරු බලපත්‍ර නිකුත් කිරීමට අවශ්‍ය කාඩ් පත් ලැබී ඇති බැවින් තාවකාලිකව නිකුත් කළ පත්‍රිකා සඳහා ප්‍රමුඛත්වය ලබාදෙමින් රියදුරු බලපත්‍ර කාඩ්පත් නිකුත් කරන බවයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුව පවසන්නේ.