සාමාන්‍යයෙන් අයවැය කතාවේ වියදම් යෝජනා තියෙනවා. නමුත් ආදායම් යෝජනා නැහැ. ආදායම් යෝජනා ගණනාවක් යෝජනා කරලා තියෙනවා. එකක් ‘තෙල් මත පනවන ලද බදු’ පෙට්‍රල් ලීටරයක් මත රු.25 ක් අපිට වාර්තා වෙලා තියෙන විදියට. ඩීසල් ලීටරයක් මත රු.25 ක්, බොරතෙල් ලීටරයක් මත රු.20 ක් හැටියට ආනයනික බදු අතිරේක වශයෙන් යොදවලා තියෙනවා. වෙන වචනවලින් කිව්වොත් පෙට්‍රල් මිල, ඩීසල් මිල රු. 25 කින්, බොරතෙල් මිලරු. 20 කින්ම් ඉහළ යාම නිසා බොරතෙල් නිෂ්පාදනවල වියදමත් ඉහළ යනවා’ 43 සේනාංකය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
අයවැය ඇස්තමේන්තුගත වියදම ද නිවැරදි නොවන අතර, එම ඉලක්කමෙන් බිලියන 3800 ක් සඟවා තැබීම හේතුවෙන් වියදම ද අවප්‍රමාණය කොට ඇති බව හෙතෙම පෙන්වා දෙයි.
43 සේනාංකය විසින් 2023 අයවැය සම්බන්ධයෙන් සංවිධානය කරන ලද මාධ්‍ය හමුවක දී වැඩිදුරටත් අදහස් දැක් වූ රණවක මහතා;
“අයවැය කතාවට අනුව රටේ මුළු ආදායම රු. බිලියන 3,456 යි. මුළු ගෙවීම් රු. බිලියන 7,879 යි. ණයක් හැටියට ගණකාධිකරණ මූලධර්ම මත සඳහන් නොකලත් රජයේ මුල්‍ය බරක් මේ භාණ්ඩාගාර බිල්පත්. ඒ භාණ්ඩාගාර බිල්පත් වල වටිනාකම ආසන්න වශයෙන් ලබන වසරේ බිලියන 3,800යි. ඒ වගේම දැනට මේ අයවැය යෝජනා වල යම් යම් ආකාරයකට වියදම් ලැයිස්තුවක් තියෙනවා බිලියන 40 අධික. ඒ සියල්ල එකතු වුණාම ආණ්ඩුවේ මුළු වැය බර බිලියන 11,800 ට ආසන්නයි. ඒ කියන්නේ බිලියන් 3800 ක් කොහෙවත් සඳහන් කරලා නැහැ. නමුත් ඒක අපේ වැය බරක් හැටියට තියෙන්නේ. නොයෙක් මූලධර්ම භාවිතා කරනවා මේවා වාර්තා කිරීමේදී. ඒ ඒවට මුවා වෙලා අරක අයින් කරලා තියෙනවා. ඒක භාණ්ඩාගාර බිල්පත් කියන්නේ මහ බැංකුව විසින්. ඒ බිල්පත් මිලදී ගත්ත අයට ගෙවන්න තියෙන දෙයක්. තුන් මාසෙට, හය මාසෙට වර්ෂයට වෙන්න පුළුවන්. ඒ වර්ෂයට අඩු ගාන තමයි මම මේ සඳහන් කළේ. ඒ නිසා මේ වියදම් පාර්ශවය පිළිබඳව ගෙවන්න තියෙන වැය බරක් කපා හැරලා තමයි මේ 7879 දාලා තියෙන්නේ. මේක මුදල් අමාත් යාංශය දිගටම අනුගමනය කරන ක්‍රියාවලියක්.
රාජ්‍ය ගිණුම් අනුව මුළු ණය ගැනීමේ අවශ්‍යතාව බිලියන 4979 ක් කියලා තියෙනවා. එයින් මුළු ණය ආපසු ගෙවීම, බිලියන 2025 ක් යොදලා තියෙනවා. සරලව ගත්තම මුළු වැය බර ගත්තහම රුපියලක ආදායමට රුපියල් 3.40 ක් ගෙවීම තමයි මේ අයවැයේ තියෙන්නේ. මේ ආදායම යථාර්ථවාදීද? මේ බිලියන 3456 ක් ගන්න පුළුවන්ද? මේ වසරේ ආදායම කීයද? මේ වසරේ ඒ අයවැය කතාව කියපු දවසේම ඉදිරිපත් කරපු වාර්තාවලට අනුව මේ වසරේ ආදායම, බලාපොරොත්තුවෙන පුරෝකථනය කරන ආදායම, රුපියල් බිලියන 1900 කට ආසන්න ප්‍රමාණයක් එතකොට ඒ වගේ දෙගුණයකට ආසන්න ප්‍රමාණයක් වන බිලියන් 3600 ක් හොයන්න පුලුවන්ද? දෙගුණයක් වෙලා තියෙනවද ලංකා ඉතිහාසයේ? බැසිල් රාජපක්ෂ මහත්තයත් කිව්වා බිලියන් 2500 ක් හොයනවා කියලා. නමුත් ආවේ 1900 යි.
ලබන වසරේ කර්මාන්ත කඩා වැටීම් සහ තවත් ප්‍රශ්න මත මේක තවත් අවුල් වෙන්න පුළුවන්. මෙහෙම පැත්තක් තියනවා. බඩු මිල ඉහළ යාම නිසා වැට් බදු ආදායම වැඩිවීමේ ප්‍රවණතාවයක් ඇති වෙන්න පුළුවන්ඒ ඇරෙන්න වෙනත් කිසිම ආකාරයකට මේ අලුත් ආදායම් බදු වලින් හෝ අලුත් වැට් බදු වලින් හෝ අලුත් සෙස් බදු හෝ වෙනත් බදු වලින් කිසිම විදිහකට මේ ආදායම සොයා ගැනීමේ හැකියාවක් නෑ. මේක නිකන් ඉලක්කමක් විතරයි.
කරන්න කිසිම යෝජනාවක් මේකේ නැහැ. සමාජ මාධ්‍ය ජාලාවල තියෙන්නේ අයවැය කියන්නේ අපෙන් අරන් උන් වියදම් කරන එකට තමයි අය වැය කියන්නේ. එන්න ඒක සත්‍යාපනය වෙනවා. මොකද වියදම් කප්පාදුවට මොනම පියවරක්වත් නැහැ. වියදම් නිකන් කප්පාදු කරන්න බැහැ. වියදම් කප්පාදු කිරීමට ආදර්ශය අවශ්‍යයි. ජනාධිපතිතුමාගේ වියදම්, අමාත්‍ය මණ්ඩලයේ වියදම්, පාර්ලිමේන්තුවේ වියදම් යන ආදී වශයෙන් සෑම ක්ෂේත්රයකම වියදම් කප්පාදුවකින් තොරව පැහැදිලි ආදර්ශයක් නොදී මේක කරන්න බැහැ.
කැබිනට් මණ්ඩලයත් අලුතෙන් වැඩි කරන්න යනවා. ඒක ඇත්ත. ඒවා පාලනය කරලා නොදී නම් පිරිමැසුම්කරණයක් කරන්න බැහැ. ඒ වගේම මේ කැබිනට් මණ්ඩලය වැඩියි කියලා කෑකොස්සන් ගහන අයටත් අපි කියනවා තමන් ආණ්ඩු හදන්න යනවා නම්, තමන්ගේ කැබිනට් මණ්ඩලය දැන් පත් කරලා පෙන්නන්න. නැත්නම් අපි ආවහම කරන්නම් කියන එක නෙමෙයි උත්තරේ. තමන්ගේ කැබිනට් මණ්ඩලයේ කවුද? කීදෙනෙක් ඉන්නවාද? කවුද ඒගොල්ලෝ? තමන්ගේ රාජ්‍ය නිලධාරීන් කවුද? කියන එක ගැන අදහසක් රටට අනිවාර්යයෙන්ම ලබාදිය යුතුයි.
මිනිස්සුන්ටත් අපි කියනවා තමන්ගේ කැබිනට් මණ්ඩලය නම් නොකොට එන කිසිම කෙනෙකුට මැතිවරණයකදී ඡන්දේ දෙන්න එපා දෙවතාවක් හිතන්න. අහුවෙන්න එපා. මොකද මේ සාමූහික වංචා වලට අහුවෙලා ලංකාව හොඳටම පුරුදුයි. අපි පහුගිය කාලවල ගත්ත දේශපාලන තීන්දු වලට ප්‍රධාන හේතු වුණේ එක්කෝ සාමූහික බය. සහරාන්ගේ ප්‍රහාරත් එක්ක මුළු රටකම මිනිස්සු සාමූහික බියකට යටත් කළා. ගර්භාෂ යුද්ධය කියලා මායාවක් ගෙනාවා. බොරුවක් ගෙනාවා. ඒ බොරුකාරයෝ ටික රට බියපත් කළා. අනිත් පැත්තෙන් සාමූහික උන්මාදයකට රට ගෙනිච්චා. මේ ලී ක්වාන් යූ එනවා, දුටුගැමුණු අවතාරය එනවා. ධර්මපාලතුමාගෙන් නැවත ඉපදීම, මහතීර් මොහොමඩ් එනවා. ඉතින් එනවා. ෆිදෙල් කැස්තෝ එනවා කිය කිය රට මහ මානසික උන්මාදයකට ලක්කළා. සාමූහික බියට පත් කිරීමෙන්, සාමූහික උන්මාදයකට පත් කිරීමෙන්, මීඩියා ෂෝ වලින් නැවත වතාවක් මේ රට වලපල්ලට යවන්න හදන්න එපා. තමන්ගේ වැඩපිළිවෙල වගේම, තමන්ගේ කණ්ඩායම මොකක්ද කියලා ඉදිරිපත් කරන්න කියලා විපක්ෂයේත් වගකීමක් තියෙනවා.
මේ බදු වැඩි කිරීම මගින් ආණ්ඩුවේ ආදායම් වැඩි කරගන්න උත්සාහ කරනවා. ඒකෙන් වෙන සමාජ ප්‍රතිඵල ගැන හිතන්න. වෘත්තීයවේදීන්ට බදු ගහන කොට, වෘත්තීයවේදීන් රට ඇරලා යන එක ගැන හිතන්න. කර්මාන්ත වලට බදු ගහන කොට, කර්මාන්ත කඩා වැටෙන එක ගැන, කර්මාන්ත විදේශගත වෙන එක ගැන හිතන්න.
ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා නිශ්චිත ප්‍රතිපත්තියක් ඇති කළ යුතුයි. රටේ දුගී දුප්පත්කම වැඩිවෙලා තියෙනවා. ලෝක බැංකු වාර්තාවට අනුව දෙගුණයකින්. දැන් අපි ඉන්නේ ආයෙත් දුප්පත්කමින් 2005 හිටපු තැන. විරැකියාව වැඩි වෙමින් තියෙනවා. විශේෂයෙන්ම වතුකරයේ දුප්පත්කම 52% ක් තරම් ඉහළ අගයක තියෙනවා. එතකොට මේ අය රැක ගැනීම සඳහා විධිමත් සමාජ ආරක්ෂණ දැලක් අවශ් යයි. දුප්පත්කමේ පීඩාව මිනිස්සුන්ට තදින්ම තියෙනවා. දැන් ඒක ලෝක බැංකුවේ පෙන්නලා දීලා තියෙනවා. රටේ දුප්පත්ම සමාජ තීරුව සීයට විස්ස. ඒ සීයට විස්සෙන් සීයට හතළිස් අටටයි. කවර හෝ සමාජ ආරක් ෂණයක් ලැබෙන්නේ ආණ්ඩුවෙන්. ඒ වගේම ඉහළම ආදායම් ලබන සීයට විස්සේ සීයට දොළහකටත් සමෘද්ධිය ලැබෙනවා. වැඩිහිටි සහනාධාරය ලැබෙනවා. ආබාධිත සහනාධාරය ලැබෙනවා. ඒ නිසා මේ සල්ලි වෙන් කළාට වැඩක් නෑ. නිශ්චිත සමාජ රෙජිස්ටරයක් නැතුව ඒ කියන්නේ විධිමත් සමාජ ආරක්ෂණ දත්ත පද්ධතියක් නැතුව ඒවා කිරීම නිසා විශාල ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්.
යටතේ සෙස් බද්දක් පනවලා තියෙනවා. භාණ්ඩ හයසිය හතළිස් හතකට මේ බද්ද ගෙවන්න සිද්ධ වෙනවා. මේ බද්දත් එහෙම පිටින්ම සාමාන්‍ය ජනතාව අතට පාස් කිරීම සඳහා තමයි සිද්ධ වෙන්නේ. වැටුප් වැඩිවීමකින් තොරව ඔවුනට මේ ආදායම් බදු ගෙවීමට සිද්ධ වෙන නිසා, ඔවුන්ගේ වැටුප් වල අඩුවීමක් සිද්ධ කරන්න පුළුවන්. අපි දකින්නේ නැහැ මේ අයවැය. අන්න ඒ වගේ නිර්මාණාත්මක දිහාවට පැති බලලා තියෙනවා කියලා. ජීවන වියදම දිනෙන් දින දරාගන්න බැරි තත්වයට වැඩි වුනොත් මේක සමාජ අසහනයක් දක්වා වර්ධනය වෙලා ඉතා දරුණු තත්වයක් මේ රට තුල ඇති වෙන්න පුළුවන්. මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් සහ අදාළ බලධාරීන් මූල්‍ය පාලනය කිරීමේදී අන්තවාදයකට කොටු වෙලා. මේ තත්ත්වයෙන් මිදිලා නැවත වතාවක් රටට ආදායම් ඇතිවෙන විදියට නිෂ්පාදනය වැඩිවෙන ආකාරයේ ඉලක්කයක් වෙත යොමු වුණා නම් අපිට අපේ රට අද වර්තමානයේ වැටිලා තියෙන තත්වයෙන් ගොඩගන්න පුළුවන් වේවි. ඉතින් විපක්ෂයටත් වගකීමක් තියෙනවා. අයවැය සඳහා විකල්ප යෝජනා ඉදිරිපත් කරමින් ඒවා ජයග්‍රහණය කරවීම සඳහා කටයුතු කිරීමට”
-Media unit-
