Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කිරිපිටි ටින් 2ක් සොරකම් කළ 14 හැවිරිදි දරුවාට අධිකරණයෙන් ලබා දුන් දඬුවම

4 years ago

වෙළඳ සැලකින් කිරිපිටි ටින් දෙකක් සොරාගත් බව කියන දාහතර හැවිරිදි පිරිමි දරුවකු දෙසැම්බර් මස දොළොස් වන දා දක්වා ලමා රැදවුම් මධ්‍යස්ථානයේ තැබීමට අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

තම පියා සමඟ ත්‍රිරෝද රථයකින් ගොඩගම ප්‍රදේශයේ සුපිරි වෙළඳසැලකට ගොස් එහි තිබූ කිරිපිටි ටින් දෙකක් සොරාගත් බවට මෙම පොලිසිය අධිකරණයට වාර්තා කර තිබිණි.

පියා දරුවා රැගෙන වෙළඳසැලට ගොස් දරුවා ලවා කිරිපිටි සොරකම් කරවන බව පරීක්ෂණවලදී හෙළිවී ඇති බවත් පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කරමින් කියා සිටියේය.