Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මෙහෙමත් තිරිසන් මිනිස්සු! ත්‍රී රෝද රියකින් රැගෙන විත් මහලු අම්මව මහපාරේ දමා ගිය පිරිස් සොයා ගැනීමට පොලීසිය මහජන සහය පතයි

4 years ago

මහලු මවක් මහමඟ දමා යන ආකාරය අසල තිබූ CCTV කැමරාවක සටහන්වී තිබුණි.

මෙම සිද්ධිය සිදුවී තිබුණේ රත්නපුර නගරයේ යම් ස්ථානයකදීය.

ත්‍රීරෝද රථයකින් මහලු මවව රැගෙන විත් මාර්ගයක් අසල ඇයව දමා ඔවුන් ත්‍රීරෝද රථයෙන් පළාගොස් තිබුණි.

පසුව රත්නපුර පොලීසිය විසින් ඇයව රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබූ අතර ඇය මේ වනවිට කලවාන වැඩිහිටි නිවාසයකට භාරදී තිබේ.

රත්නපුර පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මහලු මවව මහමඟ දමාගිය පුද්ගලයා ගැන යම් තොරතුරක් දන්නේ නම් රත්නපුර පොලීසියට දැනුම්දෙන ලෙසය.