ජාතික සභාව යටතේ ක්‍රියාත්මක වන ආර්ථික ස්ථායීකරණ අනු කමිටුව එහි සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී පැවැත්විණ. එහිදී සාකච්ඡාවට ගැනුණේ බැංකු සහ රක්ෂණ ක්ෂේත්රය (මූල්‍ය ක්ෂේත්රය) සම්බන්ධයෙනි. ක්ෂේත්රයට අදාළ ශ්‍රී ලංකා මහ බැංකු නිලධාරීන් රාජ්‍ය හා පුද්ගලික බැංකු සහ රක්ෂණ සමාගම් නියෝජනය කරන නිලධාරීන් මෙන්ම පුද්ගලික ව්‍යාපාරිකයන් ද මේ අවස්ථාවට සම්බන්ධ විය.
එම සාකච්ඡාවෙන් අනතුරුව අදහස් දැක්වූ ආර්ථික ස්ථායීකරණ අනු කමිටුවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා,
“විශේෂයෙන්ම පුද්ගලික ව්‍යාපාරිකයන්ගේ දුක් ගැනවිලි ගණනාවක් තිබුණා. පොලී අනුපාතය, මෙන්ම වැට් සහ පොදු බදු, පෞද්ගලික වශයෙන් සමාගම් වලට හා පුද්ගලයින්ට පනවා තිබෙන බදු සමග ව්‍යාපාර කටයුතු කරගෙන යන්න බැහැ කියන එක. ආනයන පාලනය නිසා, කඩා වැටුණු ව්‍යාපාර; වාහන ආනයනය කිරීමේ ක්ෂේත්රය වගේ දේවල්. ඉදිකිරීම් හා සංචාරක ක්ෂේත්රවලත් දුක්ගැනවිලි ඉදිරිපත් කළා.
බැංකු ක්ෂේත්රය ඉතාමත්ම අවදානම් තත්ත්වයකට පත්වීම වැළැක්වීම සඳහා තමන් විසින් ගෙන ඇති පියවර පිළිබඳව මහ බැංකුව පැහැදිලි කිරීමක් කළා. බැංකු ක්ෂේත්රය ඉදිරියට ගෙන යාම සඳහා විශ්වාසය ඉතාම අවශ්‍යයි. දැවැන්ත රාජ්‍ය බැංකු ප්‍රමාණයක් අප සතුව තිබෙනවා. හොඳ මට්ටමේ පුද්ගලික බැංකු ගණනාවකුත් තිබෙනවා. ප්‍රධාන වශයෙන්ම ඉහළ ගණයේ බැංකු හයක් පමණ තිබෙනවා. ඒ අයත් සමග කුඩා බැංකු සියල්ලත් ආරක්ෂා කරගෙන මූල්‍ය ක්ෂේත්රය රැකගෙන ඉදිරියට ගෙන යාමට අවශ්‍ය කරන යෝජනා අපි දෙසැම්බර් මාසයේදී ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. දැනට අතරමැදි අයවැය හා මේ අයවැයෙන් ජනාධිපතිතුමා යෝජනා කරපු කාරණා පිළිබඳව අරගෙන ඇති පියවර ගැනත් අපි බැංකු ක්ෂේත්රයෙන්, මුදල් අමාත්‍යාංශයෙන් සහ මහ බැංකුවෙන් අදහස් විමසීමක් කළා.
රටේ ආර්ථික තත්ත්වය හා ඒ කඩා වැටීම ගැන සහ බැංකු ක්ෂේත්රයේ තත්ත්වය පිළිබඳව හොඳ අවබෝධයක් ලබා ගත හැකිවුණා. තමන්ට එල් සී අරගන්න බැරි ඇයි? එහෙම නැත්නම් තමන්ගේ පොලී අනුපාතය අඩු වෙන්නේ කවද්ද? වැට් බදු අඩු වෙන්නේ කවද්ද? ආදායම් බදු අඩු වෙන්නේ කවද්ද? කඩා වැටෙනවාට මොනවද තියෙන විසඳුම් කියන එක ගැන විසඳුම් වලියක් මේ දෙසැම්බර් මාසයේ අග වෙනකොට අපි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා.
මේක ඉතාමත්ම ධනාත්මක සාකච්ඡාවක්. ඉතින් අපිට කරන්න පුළුවන් ලොකුම දේ අපේ පළවෙනි වාර්තාව නිකුත් කළා වගේ, දෙවෙනි වාර්තාවකුත් ඇති කිරීම. පළවෙනි වාර්තාව ප්‍රායෝගික දත්ත මත පදනම් වෙලා, කෙලින්ම ඒ පිළිබඳ විශේෂඥයින් හා රාජ්‍ය අංශයත් එක්ක එකතුවෙලා ගොඩනඟපු ප්‍රායෝගික වැඩපිළිවෙලක්. අහස් මාලිගාවක් නෙවෙයි. අපි ඊළඟට කරන්න බලාපොරොත්තු වෙන්නේ විවිධ ක්ෂේත්රවල පුද්ගලයින්, ව්‍යාපාරිකයන්, වෘත්තීයවේදීන් එක්ක එකතුවෙලා, ඒගොල්ලන්ගෙන් ලබාගන්න දත්ත මත ගොඩනඟන ප්‍රායෝගික වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන එක. ඉතින් ඒ වැඩපිළිවෙල ඉදිරියට ගෙන යාම කෙසේද කියන එක දේශපාලනඥයින්ට හා රටේ ජනතාවට භාරයි.”
මේ අවස්ථාවට එක් වූ ආර්ථික ස්ථායීකරණ කමිටු සාමාජික, පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා සඳහන් කළේ ජාතික සභාව ජාතික ආණ්ඩුවක් නොවන බවය. පාර්ලිමේන්තුව සතුව තිබෙන මූල්‍ය බලය පදනම් කරගෙන කතානායකවරයාගේ සහභාගීත්වයෙන් සැදුණු ජාතික සභාව යටතේ ක්‍රියාත්මක වන සාර්ථකම අනු කමිටුව ආර්ථික ස්ථායීකරණ අනු කමිටුව බව ද හෙතෙම සඳහන් කළේය.
“අපි නිතර හොයන්නේ අපි මේ රට අද මුහුණ දීලා තියෙන ආර්ථික අර්බුදයට හේතු මොනවාද කියා පමණක් නොවේ ඒකට විසඳුම මොකක්ද කියලත් අපි මෙතන සාකච්ඡා කරලා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. පාර්ලිමේන්තුවේ ඉදිරිපත් වෙන දේ අවධානයට ගන්න වගකීම ආණ්ඩුවට තියෙනවා. ආණ්ඩුවට උවමනාවක් තියෙනවා නම්, රට ගොඩනගන්න විපක්ෂයේ සහයෝගය ලබා ගන්න, මේ කමිටුවේ වාර්තා ටික හරියාකාරයෙන් හොයලා බලලා, ඒකේ ඉදිරිපත් වෙනවා යෝජනා ටික ඔලුවට ගන්න.”
මාධ්‍ය ඒකකය
