Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

දුම්රිය කාලසටහනේ වෙනස් වීමක්

4 years ago

මාර්ග පද්ධතියේ පවතින දෝෂ හේතුවෙන් පසුගිය දින කිහිපය තුළ අවස්ථා ගණනාවක දී දුම්රිය පීලිපැනීම් සිදුවිය.

දුම්රිය පීලිපැනීම් සම්බන්ධයෙන් ලද පැමිණිලි සැලකිල්ලට ගෙන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සමග පැවති සාකච්ඡාවකදී දුම්රිය වේග සීමා පැනවීමට හා දුම්රිය කාල සටහන් සංශෝධනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

ඒ අනුව ජනතාවගේ ආරක්ෂාව සහ දේපළ ආරක්ෂාව සැලකිල්ලට ගෙන දුම්රිය මාර්ගයේ අබලන් සහිත ස්ථානවලදී දුම්රිය අඩු වේගයකින් ධාවනය කිරීම සඳහා වේග සීමා පැනවීමට තීරණය වී ඇත.

ඊට අදාළ වාර්තාවක් ලබන 24 වන දින ඉදිරිපත් කිරීමට නියමිත අතර එම වාර්තාවෙන් අනතුරුව නව දුම්රිය කාල සටහන් ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.

මේ අතර දුම්රිය ධාවනය සම්බන්ධයෙන් දැනුවත් වීම සඳහා ඉදිරියේ දී නව දුරකථන යෙදවුමක් හඳුන්වාදීමට ද නියමිතය.

මගී ජනතාවගේ පහසුව සඳහා ජී.පී.එස්.තාක්ෂණය උපයෝගී කර ගනිමින් දුම්රිය ගමන්ගන්නා ස්ථානය පිළිබඳව මෙම නව දුරකථන යෙදවුම මගින් දැනගත හැකිය.