Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රුපියල් 475 මාස්ක් එක 2050ට ගෙන ලක්ෂ 17ක් විනාශ කළ රෝහල් කළමනාකාරිත්වය

4 years ago

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවෙන් එකක් රුපියල් 475කට මිලදි ගත හැකිව තිබියදි රාගම ශික්ෂණ රෝහලේ කළමණාකාරිත්වය 2020 වසරේදී එකක් 2050 බැගින් එන් 95 මුහුණු ආවරණ 1080ක් මිලදී ගැනීමෙන් රුපියල් දාහත් ලක්ෂයක පාඩුවක් සිදුකිරිම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂනයක් සිදුකරන ලෙස විගණකාධිපති දෙපාර්තමේන්තුව සෞඛ්‍ය අමාත්‍යංශයට නිර්දේශ කර තිබෙනවා.

වෛද්‍ය සැපයුම් අංශය විසින් එම රෝහලට ප‍්‍රමාණවත් තරම් මුහුණ ආවරණ සපයා තිබියදි
ක්ෂුද්‍රජීව විශේෂඥ වෛද්‍යවරියගේ ඉල්ලීම පරිදි නව මිලදි ගැනීම සිදුකළ බව රෝහලේ කළමණාකාරිත්වය විගණනයට දැනුම් දි තිබේ.

මෙම භාණ්ඩ මිලදී ගැනිමේදි නිසි ප‍්‍රසම්පාදන ක‍්‍රියාවලයකට යටත්ව සිදුකළ නැති බවද එම ක‍්‍රියාවලියේ ගැටලූ රැසක් ඇති බවද විගණන වාර්තාවේ සඳහන් වේ.

විගණනයේදී සැපයුම්කරුගෙන් සිදුකළ මිල ගණන් කැඳවීම් ඉදිරිපත් කිරීමට රෝහල් කළමනාකාරිත්වය අපොහොසත් වී ඇති අතර  එය සිදුකලේ ෆැක්ස් මගින් බවට දන්වා ඇත.

එහෙත් ඒ සඳහා සාක්ෂිද ඉදිරිපත් කිරීමට නොහැකි වීම හේතුවෙන් පසුව රෝහල් කළමණාකාරිත්වය කරුණු දක්වමින් සඳහන් කර තිබෙන්නේ හදිසි මිලදි ගැනීමක් නිසා දුරකථනයෙන් මිල ගණන් ලබාගෙන ගනුදෙනුව සිදුකළ බවය.