Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඇමති නිවසේ බිල කපන්න ගිය ලංවිම සේවකයින්ට පහරදීමක්

4 years ago

ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන් කිහිප දෙනෙකුට කොළඹ 7 ප්‍රදේශයේ පිහිටි හිටපු අමාත්‍යවරයෙකුගේ නිවසකදී පහරදීමක් සිදුව තිබේ.

අමාත්‍යවරයාගේ නිවසේ විදුලි බිල නොගෙවීම මත එහි විදුලි සැපයුම විසන්ධි කිරීම සඳහා ගිය සේවකයන් කිහිප දෙනෙකුට මෙම පහර දීම සිදුව ඇත.

අදාළ නිවසේ රුපියල් ලක්ෂ 2කට වඩා හිග විදුලි බිලක් ගෙවීමට ඇති නිසා එම විදුලිය විසන්ධි කිරීමට අද පෙරවරුවේ සේවකයන් කිහිපදෙනකු ගොස් ඇති අතර එහිදී ඇති වූ බහින් බස් වීමක් මත මෙම පහරදීම සිදුව ඇතැයි වාර්තා වෙයි.

මෙම හිටපු අමාත්‍යවරයා අවස්ථා කිහිපයකදීම පක්ෂ මාරු කර ඇති පුද්ගලයකු වන අතර දේශපාලන පවුලකින් පැවත එන්නෙකි.