Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පවුල් ආරවුලක් හේතුවෙන් විදුලි කණුවකට නැග්ග පුද්ගලයාට අධිකරණයෙන් ලොකු දඩයක්

4 months ago

පවුල් ආරවුලක් විසඳාගැනීමේ අරමුණින් අධිබලැති විදුලි රැහැන් සහිත කණුවකට නැග විරෝධය පළ කිරීම නිසා ලංකා විදුලි බල මණ්ඩලයට සිදු වූ රුපියල් 201,059.90ක අලාභය ගෙවා දමන ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය අදාළ පුද්ගලයාට නියෝග කර තිබේ.

පසුගිය 21 වනදා පස්වරුවේ කඹුරුපිටිය ප්‍රදේශයේ පිහිටි අධිබලැති විදුලි කණුවක් මතට නැගි මෙම පුද්ගලයා විරෝධතාවයේ නිරත වීම හේතුවෙන් තිහගොඩ, කඹුරුපිටිය, අකුරස්ස, මුලටියන, දෙයියන්දර, මාවරල, දෙනියාය ඇතුළු ප්‍රදේශ රැසක පැය දෙකකට අධික කාලයක් විදුලිය විසන්ධි කිරීමට සිදුවිය. පසුව පොලීසිය විසින් ඔහුගේ පවුලේ සාමාජිකයන් කැඳවීමෙන් අනතුරුව ඔහු බිමට බැස තිබූ අතර, සැකකරු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

අධිකරණ නියෝග මත කඹුරුපිටිය පොලීසිය විසින් විදුලි බල මණ්ඩලයේ වාර්තා ලබාගෙන ඊයේ (28) අධිකරණයට කරුණු වාර්තා කළ අතර, එහිදී පැය දෙකකට අධික කාලය තුළ සිදු වූ පාඩුව රුපියල් 201,059.90ක් ලෙස තක්සේරු කර තිබුණි.

අධිකරණය හමුවේ තමන් කළ වරද සැකකරු විසින් පිළිගත් අතර, ඒ අනුව විදුලි බල මණ්ඩලයට සිදු වූ අදාළ අලාභය ගෙවා දමන ලෙස නියෝග කළ මාතර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා, මෙම නඩුව යළි නොවැම්බර් මස 03 වන දින කැඳවීමට නියෝග කළේය.